කළුතර – නාගොඩ පාරේ අවහන්හලක හිමිකරු වෙඩි තබා ඝාතනය කෙරේ

අද (09) උදෑසන කළුතර-නාගොඩ මාර්ගයේ අවන්හලකට කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙකු අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ  ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බව නාගොඩ පොලිසිය පැවසීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T-56 ගිනි අවියක් භාවිතා කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website