රත්මලානෙහි පූර්ණ අලුත්වැඩියාවෙන් ධාවනයට එක්වන දෙවැනි බලවේග කට්ටලයත් සූදානම්

එන්ජින් සහ මැදිරි වෙන් වෙන්ව අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම වෙනුවට, සම්පූර්ණ දුම්රියක් ලෙස අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කළ S8-831 බලවේග කට්ටලයේ පරීක්ෂණ ධාවනය පසුගිය අගෝස්තු 14 දින සාර්ථකව සිදු කෙරුණි.

එහි දෙවැනි බලවේග කට්ටලය වන S8-830 ද පසුගිය දා පරීක්ෂණ ධාවනයට එක් කෙරිණි. එසේම මීට පෙර අලුත්ගම ධාවනාගාරයේදී ද එක් දුම්රියක් මෙලෙස අලුත්වැඩියා කළ අතර මෙම වසර තුළ දුම්රියන් 3ක් ධාවනය සඳහා එක් කර ඇත.

නුදුරේදීම මෙම බලවේග කට්ටලය ද කොළඹ තදාසන්න දුම්රිය මාර්ගවල මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website