මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

2026.10.11 දින ඉංගිරිය පොලිස් වසමේ හඳපාංගොඩ ප්‍රදේශයේදී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට කොළඹ ජාතික රෝහල් පොලිස් මුරපොල මගින් ලද පැමිණිල්ලක් මත ඉංගිරිය පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව විමර්ශන නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව ඉහත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු 2026.09.14 දින උදෑසන ඉංගිරිය පොලිස් වසමේ හඳපාංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 45 ක් වූ කිරිගල, හඳපාංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. ඉංගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website