සිවුරට අත නොතබනු ! – විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

සිවුරට අත නොතබන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් රජයට අනතුරු ඇඟවීමක් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

නුවර සිට කොළඹට පාගමනින් පැමිණි භික්ෂුන් වහන්සේලා මේ වන විට ජනාධිපති කාර්‍යාලය අසල සාමකාමී විරෝධතාවයක නියැලී සිටී. උන්වහන්සේලා රැගෙන ආ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට ආවරණය සැපයීමට සකස් කළ තාවකාලික අට්ටාලය කඩා එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේට ද පීඩාකාරි වන සේ කටයුතු කර පිරිසක් අත්අඩංගුවට ගත් බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

ජනාධිපතිවරයා කඩිනමින්, පුද්ගලිකව මැදිහත් වී ගරුතර මහා සංඝරත්නයේ ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදී, මෙසේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීම තරයේ හෙළා දකිමු.

ජනාධිපතිවරයා කළ යුත්තේ මෙසේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීම නොව, චීවරයට නිසි ගරුත්වය ලබා දෙමින් උන්වහන්සේලා සමඟ සෘජුව සාකච්ඡා කර විසඳුම් ලබා දීමය. එම නිසා භික්ෂුන් වහන්සේලාට හිංසා පීඩා සිදුකරමින් කරන මේ ක්‍රියාව වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාට සහ රජයට බල කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website