
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් ඊයේ (16) සවස කොළඹ විහාර මහා දේවි උද්යානය අසලට වැඩම කළ අතර උන් වහන්සේලා මේ වන විට එහි සත්යග්රහයේ නිරත වී සිටිති.
ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස රාත්රියේ එහි අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් බව පූජ්ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ පැවසූහ.
උන් වහන්සේ අවධාරණය කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කර ගන්නා තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවය.
ඊයේ බුද්ධ ශාසන අමාත්යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ පැවැසුවේ ‘එම සාකච්ඡාව අර අසාර්ථෟක වූ බවයි”.
“ඒ සාකච්ඡාව අසාර්ථක වුණා. ඒ නිසා අපි තීරණය කළා මේ ස්ථානයට වැඩම කර අඛණ්ඩ සත්යග්රහයක නිරත වීමට. ඤාණසාර ස්වාමීන් වහන්සේ නිදහස් කරන තෙක් අපි මේ ස්ථානයෙන් ඉවත් වන්නේ නැහැ.” පූජ්ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ පැවසූහ.











