ඊයේ (16) රාත්රී පුත්තලම පොලිස් වසමේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවන් 07 දෙනෙකු, දැරියක් හා පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සුළු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත. බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාද තුවාලකරුවන් අතර වේ. පුත්තලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















