කොහුවල ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ATM කාඩ්පතක් 2025.09.26 වන දින භාවිතකර කොහුවල මහජන බැංකු ශාඛාවේ ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගත් පහත ඡායාරූපයේ දැක්වෙන සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාත්මක බව කොහුවල පොලිසිය පවසයි.

මෙම සැකකාරියගේ ස්වරූපයට සමාන කාන්තාවක් පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක අමතා නොපමාව දැනුම්දෙන්න.

දුරකථන අංක –
• කොහුවල පොලිස් ස්ථානාධිපති – 071 8591669
• කොහුවල පොලිස් ස්ථානය – 011 2853929

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website