හම්බන්තොට වරාය මාස 19ක් තුළ වාහන 167,000ක් හසුරුවයි

2025 මාර්තු සිට 2026 සැප්තැම්බර් දක්වා කාලය තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය වාහන 167,569ක් හසුරුවා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය නිකුත් කළ නවතම වාර්තාවක් කියයි.

2025 මාර්තු සිට දෙසැම්බර් දක්වා වාහන 86,389ක් හසුරුවා ඇති අතර, 2026 මුල් මාස නවය තුළ තවත් 81,180ක් හසුරුවා ඇත.

සැපයුම් බාධාවන්ට මුහුණ දෙන ආනයනකරුවන්ට සහාය වීම සඳහා ප්‍රමාද ගාස්තු නිදහස් කිරීම් සහ සීමා කළ ගබඩා ගාස්තු ඇතුළු සහන හඳුන්වා දුන් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG)  ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වරායේ මෙහෙයුම් නම්‍යශීලීභාවය සහ සහයෝගය අගය කර ඇති බව ද අදාළ වාර්තාව වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website