දිවයින පුරා ධාවනය වන පුද්ගලික බස් රථ සංඛ්‍යාව ගැන නියෝජ්‍ය ඇමැතිගෙන් හෙළිදරව්වක්

දැනට දිවයින පුරා පෞද්ගලික බස්රථ 19,646ක් ධාවනය වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නියාමනය කෙරෙන අතර, පළාත් තුළ ධාවනය වන බස්රථ අදාළ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් නවය මගින් නියාමනය කරනු ලබන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම, ප්‍රසිද්ධ බස් නැවතුම්පොළවලදී පෞද්ගලික බස්රථවලින් නීති විරෝධී ලෙස මුදල් අය කර ගැනීමට කිසිදු පුද්ගලයෙකුට නීතිමය බලයක් හෝ අවසරයක් නොමැති බවද සඳහන් කල නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි මුදල් අය කිරීම් වැළැක්වීම සඳහා බස්රථ සේවකයන් දැනුවත් කර ඇති අතර, අදාළ සිදුවීම් වාර්තා වුවහොත් ශ්‍රී ලංකා පොලීසිය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබ බවද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website