ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක Re-MSME Plus ණය යෝජනා ක්‍රමය යටතේ තවදුරටත් ණය ලබා දීම සඳහා රුපියල් මිලියන 7,500ක අතිරේක ප්‍රතිපාදන සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වසරේ ක්‍රියාත්මක කළ Re-MSME Plus ණය යෝජනා ක්‍රමය සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 30,000ක සමස්ත ප්‍රතිපාදන ප්‍රමාණය මේ වන විට සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් උපයෝජනය කරනු ලැබ ඇත.
2026 අගෝස්තු මාසය අවසන් වන විට, දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 4,276.50ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති සඳහාත්, අනෙකුත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා රුපියල් මිලියන 25,926.84ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති සඳහාත් අනුමැතිය ලබා දී තිබේ.
ණය අනුමැතිය ලබාගෙන මුදල් මුදාහැරීමට සූදානම් ව්‍යාපෘති සඳහා තවදුරටත් රුපියල් මිලියන 7,500ක පමණ අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය බව සහභාගිත්ව මූල්‍ය ආයතන වාර්තා කර ඇත. ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අඛණ්ඩව ණය පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 7,500ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.














