ඤාණසාර හිමියන්ට නිදහස ලබාදීම: අස්ගිරි නාහිමියන්ගේ ප්‍රශ්නයට බන්ධනාගාර ප්‍රධානියා දුන් පිළිතුර

බන්ධනාගාර ගත කොට සිටින පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කළ යුතු බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ පැවසූහ.

අස්ගිරි මහා නා හිමියෝ මේ බව වදාලේ, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අද (16) අස්ගිරි මහා විහාරයේදී උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

බන්ධනාගාර ගත කොට සිටින ඤාණසාර හිමියන් හට නිදහස ලබාදීමට ක්‍රමවේදයක් තිබේදැයි මහා නාහිමියෝ පල්ලේතැන්න මහතාගෙන් විමසා සිටි අතර, නාහිමියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව පල්ලේතැන්න මහතා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු පිරිස මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටුවේය.

බන්ධනාගාර ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේ දී මල්වතු මහා නාහිමියෝ සඳහන් කළේ, යම් චෝදනා මත භික්‍ෂූන් වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත හෝ සිරගත කරන්නේ නම් ඒ සඳහා වෙනම ස්ථානයක් ස්ථාපිත කළ යුතු බවයි. පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණ ද එම සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website