ඤාණසාර හිමියන්ට නිදහස ඉල්ලන භික්ෂූන් වහන්සේලා සහ බුද්ධශාසන අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක්

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (15) සවස සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවකට අමාත්‍යාංශයට වැඩම කර සිටිති.

විරෝධතාවට එක්ව සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු  සිව්දෙනෙකුට සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයට පැමිණීමට අවස්ථාව ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website