SriLankan රියාද් සහ දමාම් ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝ කරයි

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොළඹ – දමාම් අතර සහ කොළඹ – රියාද් අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවීම ඔක්තෝබර් 24 වන දින දක්වා දීර්ඝ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (16) නිවේදනය කළේය.

වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා සුදුසු කොන්දේසි තක්සේරු කළ පසු සේවාවන් නැවත ආරම්භ කරන බව ගුවන් සමාගම පැවසීය.

වැඩිදුර තොරතුරු සඳහා, පාරිභෝගිකයින්ට 1979 (ශ්‍රී ලංකාව තුළ); +94 11 777 1979 (ජාත්‍යන්තර); WhatsApp +94 74 444 1979 (කතාබස් පමණි); ඔවුන්ගේ සංචාරක නියෝජිතයා; හෝ www.srilankan.com වෙත පිවිසෙන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website