ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසකගේ නායකත්වයෙන් සංවිධානය කරන ලද “නිදහසේ පාද යාත්රාවට එක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් විසින් ගාලු පාර අසල ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය වළක්වාලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අනුවය.
අධි ආරක්ෂිත කලාපයක් තුළ පිහිටා ඇති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම වැළැක්වීම සඳහා අද (16) උදෑසන පොලිසිය අධිකරණ නියෝගයක් ඉල්ලා සිටි අතර ඒ අනුව, කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගය නිකුත් කළේය.
ඊට පසුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සහභාගී වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එය කියවා පිළිගැන්වීමට පොලිසිය පියවර ගත්තේය.











