විශේෂ වාහන ලියාපදිංචි අංක සහ පුද්ගලීක  අංක තහඩු නිකුත් කිරීම පිළිබඳව රජයේ අවධානය

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ වාහන හිමියන්ගේ විශේෂ කැමැත්තට අවස්ථාව සැලසීම යන අරමුණු දෙකම සලකා බලා විශේෂ වාහන ලියාපදිංචි අංක සහ පුද්ගලීක  අංක තහඩු නිකුත් කිරීම පිළිබඳව පසුගිය දා ර්ලිමේන්තුවේදී විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කර ඇත.

පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වන්නේ, පුද්ගලික  අංක තහඩු නිකුත් කිරීමේ යෝජනාවට අනුව පුද්ගල ‍හෝ ව්‍යාපාරික හෝ නාමයක් ලියාපදිංචි අංකය වෙනුවට ප්‍රදර්ශනය කළ හැකි වනු ඇති ඉවයි. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර එහි තාක්ෂණික, නීතිමය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව ද  කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website