බහින්බස් වීම දුර ගිහින් පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (10) රාත්‍රී හෙට්ටිපොල පොලිස් වසමේ අකරවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට හෙට්ටිපොල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 54 ක් වූ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු කොහු මෝලක සේවකයෙකු වන අතර එහි තවත් පුද්ගලයෙකු සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website