පාකිස්ථානයට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත අභියෝගයක් – ධනංජයගෙන් සහ කුසල්ගෙන් ශතක දෙකක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉණිමේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය ලබා දුන් ලකුණු 434ට පිළිතුරු වශයෙන් අද (11) දින තරගය නිමා කරන විට කඩුළු හතරකට ලකුණු 404ක් රැස් කරමින් තරගයේ වාසිය සියතට ගෙන ඇත.

තරගයේ තෙවන දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 102කට ලකුණු 404ක් රැස් කළේය. මෙම ලකුණු 404ට ධනංජය සිල්වා නොදැවී ලකුණු 167ක් එක් කළ අතර කුසල් මෙන්ඩින් නොදැවී ලකුණු 117ක් එක් කළේය. මේ අතර ලහිරු උදාර ලකුණු 42ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 58ක් එක් කළේය.

පසිදු සූරියබණ්ඩාර ලකුණු නොලබාම දැවී ගිය අතර දිනේෂ් චන්දිමල් එක් ලකුණුක් ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website