අනෝජන් සිවරාසාට නිදහස

සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

අනෝජන් සිවරාසාගේ පවුලේ ඥාතීන් අද විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ ජනාධිපතිවරයා , විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුලුව මේ සඳහා සම්බන්ධ වූ සියලු රාජ්‍ය ආයතන හා නිලධාරින් හට තම පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා දැක්වූ කැපවීම වෙනුවෙන් ඔවුහු සිය ස්තුතිය පල කලහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිවැරදි මගපෙන්වීම, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හා සෙසු රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් මත අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට හැකිවූ බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ. තවද ඒ සඳහා මැදිහත් වූ සෞදි රජයට, එරට අධිකරණයට, සෞදි හා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආයතන හා නිලධාරීන්ටත් මේ සඳහා සෞදි අරාබියට ගිය නීතීඥ කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

2026 සැප්තැම්බර් 17 වන දින නැගෙනහිර කලාපයේ සෞදි අභියාචනා අධිකරණයක් අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කෙරිණ. ඒ අපහාසාත්මක යැයි සැලකෙන facebook ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ චෝදනාවන්ට අනුකූලවයි.

රාජ්‍යතාන්ත්‍රික හා සෙසු මැදිහත්වීම් මත පසුගිය ඔක්තෝම්බර් 14 වන දින අනෝජන්ට ලබා දුන් මරණ දඬුවම එරට අධිකරණය විසින් අහෝසි කළේය.එහෙත් ඔහුට ලබා දී තිබූ සෙසු දඬුවම් වලින්ද නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික වශයෙන් දිගින් දිගටම පියවර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු නිදහස් කර ඇත.

තවදුරටත් මෙම අධිකරණ කටයුතු ඉදිරියට ගෙන නොයෑමට සෞදි අරාබියේ අභිචෝදක කාර්‍යයාලය 2026 නොවැම්බර් මස 09 දින තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website