2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම සිර දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කළේය.
මෙම අභියාචනය අද (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ සභාපති විනිසුරුවරයා මෙම නියෝගය කළේය.
ඒ අනුව හිරුණිකාගේ අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.
















