ස්ථාවර කළ ආර්ථිකය වේගවත් වර්ධනයකට යොමු කරන 2027 අයවැය හෙට පාර්ලිමේන්තුවට – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති

2027 වසර සඳහා වන අයවැය හෙට (12) දින මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අභියෝගය ජයගැනීමෙන් පසු, වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම සහ එහි ප්‍රතිලාභ කිසිවෙක් අත්නොහැර සාධාරණ ලෙස ජනතාවට බෙදා හැරීම 2027 වර්ෂය සඳහා වන අයවැයේ මූලිකම අරමුණ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කරයි.

මෙවර අයවැය හුදෙක් වාර්ෂික රාජ්‍ය ආදායම් සහ වියදම් කළමනාකරණයට සීමා නොවී, රටේ ඉදිරි ආර්ථික සංවර්ධන දිශානතිය තීරණය කරන ප්‍රතිපත්තිමය සැලැස්මක් ලෙස වැදගත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම, අපනයන ආදායම් ඉහළ නැංවීම, නව රැකියා අවස්ථා බිහිකිරීම සහ ආර්ථිකයේ ඵලදායිතාව වර්ධනය කිරීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි මෙවර අයවැයේ අවධානය යොමුවන බව නිශාන්ත ජයවීර මහතා සඳහන් කරයි.

වත්මන් රජය විසින් 2025 සහ 2026 වර්ෂ සඳහා ඉදිරිපත් කරන ලද අයවැය හරහා ඉලක්ක කළ ආර්ථික ජයග්‍රහණ අපේක්ෂා කළ සීමාවන් අභිබවමින් ළඟා කරගැනීමට හැකිවූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website