
සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි තරුණ බලවේගයේ අගලවත්ත ආසන බල මණ්ඩලය පිහිටුවීම මතුගම අගලවත්ත රමිර උත්සව ශාලාවේදී පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාව සඳහා පැමිණ සිටි දේශපාලන නියෝජිතයන් සහ තරුණ පිරිස අමතා වත්මන් රජය තරුණයන්ට වූ පොරොන්දු එකින් එක කඩකරමින් සිටින අයුරු විපක්ෂ නායකයා විසින් පැහැදිලි කළේය.
















