Update: මහින්තලේ රඹෑව බස් තුනක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මිය ගිය ගණන 05 දක්වා ඉහළට – 70කට තුවාල

අද (10) උදෑසන මිහින්තලේ, රඹෑව ප්‍රදේශයේදී  ලංගම බස් දෙකක් සහ පෞද්ගලික බස් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් සඳහන් කළේය.

අනතුරින් 70කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් තුවාලකරුවන් මැදවච්චිය, අනුරාධපුර සහ වව්නියාව යන රෝහල් වෙත යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

වව්නියාවේ සිට අනුරාධපුර බලා ධාවනය වූ ලංගම බස් රථයක් එම දෙසටම ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පසු කර යාමට උත්සහා කිරීමේදී ඉදිරියෙන් පැමිණි අක්කරේපත්තුවේ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website