ගන්දර පොලිස් වසමේ අක්කර 18 ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පහරදී තියුණු ආයුධයකින් කපා තුවාල සිදු වූ පුද්ගලයෙකු තලල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට 2026.11.09 දින රාත්රී ගන්දර පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 16 ක් වූ දෙවිනුවර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා තවත් පිරිසක් අතර පෙර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















