ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මෙරට බරපතල සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මනෝජ් මුතුකුමාරණ නොහොත් ‘කියිවාරු මුතූ’ නම් අපරාධකරුවාට එරෙහිව අධිකරණයේ විභාග වන අපරාධ නඩු සම්බන්ධ වාර්තාවක් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇත.
මෙම අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකක නිලධාරීන් විසින් පසුගිය දා (06) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී.
වයස අවුරුදු 30ක් වන කඩුවෙල, කොරතොට උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මේ වන විට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.
මෙතෙක් අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු පහත සඳහන් අපරාධවලට සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර මෙම අපරාධ සම්බන්ධයෙන් කඩුවෙල සහ හෝමාගම අධිකරණයන්හි නඩු කටයුතු විභාග වෙමින් පවතී.
- 2013 වර්ෂයේ අතුරුගිරිය පොලිස් වසමේ බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණය සිදු කිරීම.
- 2016 වර්ෂයේ මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කරීම.
- 2024 වර්ෂයේ නවගමුව පොලිස් වසමේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුන්අදහේන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම.
- 2024 වර්ෂයේ නවගමුව පොලිස් වසමේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට වෙඩි තබා අනරථය සිදු කිරීම.
- 2024 වර්ෂයේ කොරතොට ප්‍රදේශයේ ව්‍යාපරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බයකින් අනර්ථයක් සිදු කිරීම.
- දුරකථන ඇමතුම් ගෙන පුද්ගලයින් හට මරණ තර්ජනය කිරීම.
පැය 72 ක රැදවුම් නියෝග මත බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරු රඳවාගෙන විමර්ශන සිදු කරයි.












