2026.11.05 දින රාත්‍රී වලපනේ, වැවකැලේ වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට වලපනේ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අතුරුදහන් වූ පුද්ගලයා අවුරුදු 37 ක් වූ කුඹල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු ටයර් ටියුබයක් ආධාරයෙන් වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අතුරුදන් පුද්ගලයා සොයා වලපනේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














