විදේශගතකරන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර අධිකරණය මඟහැර සිටි සැකකාරියක් රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්රී කාලයේ අත්අඩංගුවට ගෙන ඇත.
ලද තොරතුරක් මත රාගම හීන්කෙන්ද ප්රදේශයේදී සිදුකළ වැටලීමක් මගින් අත්අඩංගුවට ගත් ඇයට වැලිසර ගරු මහේස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු 12ක් නිකුත්කර තිබී ඇත.
සැකකාරිය වයස අවුරුදු 40ක් වූ රාගම ප්රදේශයෙහිම පදිංචිකාරියක් වේ.
රාගම පොලිස් ස්ථානය විසින් සැකකාරිය අද (05) දින අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර ගරු අධිකරණය විසින් ඇයව 2026.11.17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කර ඇත.
රාගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.















