කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ කටුකුරුන්ද මාර්ගයේ විජිත මාවත ආසන්නයේදී නාගොඩ හන්දිය දෙස සිට කටුකුරුන්ද දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
ඊයේ (03) සවස මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාවන් දෙදෙනා නාගොඩ රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී එක් පදික කාන්තාවක් මියගොස් ඇත.
මරණකාරිය අවුරුදු 66 ක් වූ පැල්මඩුල්ල ප්රදේශයේ පදිංචිකාරියකි.
කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර දකුණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














