බහින්බස් වීම දුර ගිහින් – තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරලා

ඊයේ (27) රාත්‍රි පොතුපිටිය පොලිස් වසමේ කෙසෙල්වත්ත, පොතුපිටිය ප්‍රදේශයේ ලයිම් කාමරයක් තුලදී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පොතුපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවට පොතුපිටිය පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 33 ක් වූ කට්ටංගේ, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු හා ඝාතනය සිදුකල සැකකරු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව සිදුකළ මුලික විමර්ශනයෙදි අනාවරණය වි ඇත.

වයස අවුරුදු 33 ක් වූ කහවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොතුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website