තෙමහල් නිවයේ ඉහළ මාලයෙන් ඇද වැටුණු දැරිය මරුට

කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්, ලෙයාඩ්ස් බෝරෝඩ්වේ ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මහලෙන් ඇද වැටී බරපතළ තුවාල ලැබූ 15 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ග්‍රැන්ඩ්පාස් පොලිසිය පවසයි.

ඊයේ (27) සවස මෙම අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව ද පොලිසිය පැවසුවේය.

මේ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website