කතළුව පාලම අසලදී බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – 05කට තුවාල

අද (26) උදෑසන අහංගම, කතළුව පාලම අසලදී ටිපර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහංගම පොලිසිය පවසයි.

අනතුරට ලක්ව ඇත්තේ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ ටිපර් රථයක් බව ද පොලිසිය පැවසුවේය.

පොලීසිය සඳහන් කළේ, ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් සිව්දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර, ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website