සමාජ මාධ්‍ය කැළඹු වස් කවියක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් නිවේදනයක්

වස් කවිය සම්බන්ධයෙන් තරුණයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිම පිලිබදව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (23) විශේෂ මහජන දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පළ වේ.

2026.10.22 වන දින හෝ ඊට ආසන්න දිනක වස්කවියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් කර විමර්ශනය කර පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධව දෙමටගොඩ පොලිස් ස්ථානය මගින් වාර්තාවක් කැඳවන ලදී.

එමගින් වාර්තා කර සිටිනුයේ වස් කවියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිස් ස්ථානයට වාර්තා වී නොමැති බව හා ඒ සම්බන්ධයෙන් කිසිඳු පුද්ගලයෙකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකර නොමැති බවත්ය.

නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා විසින් දෙමටගොඩ පොලිස් ස්ථානය මගින් වස් කවියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන ප්‍රකාශය සත්‍යයෙන් තොර අසත්‍ය ප්‍රකාශයක් බව වාර්ථා වී ඇත.

පොලිස්පතිතුමාගේ නියමයෙන් මෙම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශණය කාර්යංශය මගින් විමර්ශණයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website