දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුනු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 9 වන දින දීප ව්යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්යස්ථානයේ ප්රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසුවේය.
දිවයින පුරා ක්රියාත්මක කිරීමට යෝජිත වැඩ වර්ජනයේ අරමුණ මෙම නොවිසඳුණු දුක්ගැනවිලි කෙරෙහි අවධානය යොමු කිරීම සහ විසඳුම් ලබා දෙන ලෙස බලධාරීන්ට බලපෑම් කිරීම බව ද ඔහු පැවසුවේය.
“වත්මන් ජාතික ජන බලවේයගය රජය බලයට පත් වූයේ සංවර්ධන නිලධාරීන් මුහුණ දෙන ගැටලු විසඳීමට පොරොන්දු වෙමින් බව අපි කවුරුත් දන්නවා. නමුත් දිගු කලක් තිස්සේ පැවති ගැටලු කිහිපයක් තවමත් විසඳා නැහැ” මුණසිංහ මහතා චෝදනා කළේය.
සංවර්ධන නිලධාරීන්ට පැහැදිලිව අර්ථ දක්වා ඇති රාජකාරි ලැයිස්තුවක් හෝ ස්ථාපිත උසස්වීම් ක්රමයක් නොමැති බවත් ශ්රේණි අතර උසස්වීම් සඳහා වසර 10ක පොරොත්තු කාලයක් පවතින බවත් ඔහු කීවේය.
“නමුත් අපට ඉහළ ශ්රේණියක් නැහැ. පුහුණු කාලය වසරක් පවතින නමුත් ඔවුන් ස්ථිර සේවයට අන්තර්ග්රහණය කර නැහැ. මේ අතර සැලකිය යුතු වැටුප් විෂමතාවයක් ද තිබෙනවා. මෙම ගැටලු කිසිවක් විසඳා නෑ,” ඔහු පැවසීය.
















