තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පොල්ගහවෙල ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය මන්ත්රී දිනේෂ් සමන්ත කුමාර නොවැම්බර් 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොල්ගහවෙල මහෙස්ත්රාත් උදුම්බරා දසනායක මහත්මිය නියෝග කළාය.
සැකකාර මන්ත්රීවරයාට අයත් බව කියන බිස්කට් නිෂ්පාදනාගාරයක සේවය කරන තරුණියකට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොතුහැර පොලීසිය විසින් ඊයේ (21) පස්වරුවේ මන්ත්රීවරයා සැකපිට අත්අඩංගුවට ගත්තේය.
සැකකරු අද (22) පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.















