බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් හෙට (23) අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්ය නොවන බවට අධිකරණය දැනුම්දී ඇති බව බුද්ධ ශාසන නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක සඳහන් කළේය.
මේ බව කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන්ට දැනුම්දුන් බව ද නියෝජ්ය අමාත්යවරයා පැවසුවේය.















