2027 වසරට අදාළ අයවැය යෝජනාව තවත් සති තුනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නමුත් 2026 වසරට අදාළව පළමු කාර්තු තුනේ ප්රගතිය රටට හෙළිදරව් කිරීමට රජය මෙතෙක් සමත්ව නොමැති බවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට චෝදනා කළේය.
ඇතැම් විට එය සැඟවීමට හේතුව විය හැක්කේ, තම නොහැකියාව හේතුවෙන් අපේක්ෂිත ප්රතිඵල අත්කර ගැනීමට රජයට නොහැකි වීම බව කී විපක්ෂ නායකවරයා, මත්ද්රව්ය ජාවාරම හිස එසවීම, වර්තමානයේ අලි ඇතුන් ඝාතනයට ලක්වීමත් ආදී සමාජීය සහ පාරිසරික ගැටලු රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමට පියවර ගත්තේය.
















