ගංවතුර අනතුරු ඇඟවීම – දැදුරු ඔය ගංගා ද්‍රෝණිය

ජලාශයට ලැබෙන වර්තමාන ජල ප්‍රමාණය අනුව ඉදිරි කාලය තුළ ජලය මුදාහැරීමේ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි අතර, ඒ අනුව, දැදුරු ඔය ගංගා ද්‍රෝණියට අයත් පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංගාවේ පහළ නිම්න ප්‍රදේශ සහ අවට පහත් බිම්වල ගංවතුර අවදානමක් හඳුනා ගෙන ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අවදානම් ප්‍රදේශ:

  • වාරියපොළ
  • නිකවැරටිය
  • මහව
  • කොබෙයිගනේ
  • බිංගිරිය
  • පල්ලම
  • හලාවත
  • ආරච්චිකට්ටුව
  • රස්නායකපුර

 ජනතාවට දැනුම්දීම:

ඉහත ප්‍රදේශවල පදිංචිකරුවන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් පහත් බිම්වල සහ ගංගාව ආසන්නයේ සිටින ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ජනතාවට දැනුම් දෙයි.

අවදානම් ප්‍රදේශවල මාර්ග භාවිත කරන රියදුරන් ඉතාමත් ප්‍රවේශමෙන් රිය ධාවනය කළ යුතු අතර බලධාරීන් විසින් නිකුත් කරන උපදෙස්  ඉදිරි නිවේදන පිළිපැදිය යුතු බව ද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website