කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (22) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, අද දිනයේදී දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවලද වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ: සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශ සාමාන්ය ස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.










