එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට කඩුළු දෙකක තියුණු ජයක් – පවන්ගෙන් සුපිරි ශතකයක්

එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව අද (22) කඩුළු 02ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළේය.

පාකිස්ථානයේ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

එංගලන්ත කණ්ඩායම ඔ්වර 50 අවසානයේ කඩුළු හතරකට ලකුණු 429ක් වාර්තා කළේය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඔ්වර 49.5 දී කඩුළු 08කට ජයග්‍රාහී ලකුණු 430ක ඉලක්කය පසු කරමින් තියුණු ජයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂ ඉණිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක පන්දු 106කදී ලකුණු 130ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 97ක් සහ දසුන් ශානක ලකුණු 97 රැස් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website