එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම 2027 වසරේ ජනවාරි සහ මාර්තු මාසවලදී ශ්රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. එම සංචාරයට විස්සයි 20 ජාත්යන්තර තරග තුනක් සහ එක්දින ජාත්යන්තර තරග තුනක් ඇතුළත් වන අතර, තරගාවලි දෙක අතරතුර ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ කාන්තා ශූරතාවලිය සඳහා වෙන්කර ඇති කාලසීමාවක් ද පවතී.
සංචාරක එංගලන්ත කණ්ඩායම ජනවාරි 28 වැනිදා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත අතර, ජනවාරි 29 වැනිදා සිට පුහුණුවීම්වල නිරත වනු ඇත. විස්සයි20 තරගාවලිය පෙබරවාරි 1 වැනිදා ආරම්භ වන අතර, දෙවැනි තරගය පෙබරවාරි 3 වැනිදාත්, තෙවැනි තරගය පෙබරවාරි 5 වැනිදාත් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම තරග තුනම පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
විස්සයි20 තරගාවලියෙන් අනතුරුව පෙබරවාරි 6 වැනිදා සිට මාර්තු 1 වැනිදා දක්වා ජාත්යන්තර කාන්තා ශූරතාවලිය සඳහා වෙන්කර ඇති අතර එංගලන්ත කණ්ඩායම, මාර්තු 4 වැනිදා යළිත් එක්දින ජාත්යන්තර තරගාවලියට පිවිසෙනු ඇත.
එක්දින තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදාත්, දෙවැනි තරගය මාර්තු 6 වැනිදාත්, තෙවැනි සහ අවසන් තරගය මාර්තු 8 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත්තේ රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදීය. තරගාවලිය අවසන් කිරීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම මාර්තු 9 වැනිදා ශ්රී ලංකාවෙන් පිටත්ව යනු ඇත.
| එංගලන්ත කාන්තා කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරයේ තරග කාලසටහන | ||
| දිනය | තරගය | ක්රීඩාංගණය |
| පෙබරවාරි 01 | පළමු විස්සයි20 ජාත්යන්තර තරගය | පල්ලේකැලේ |
| පෙබරවාරි 03 | දෙවැනි විස්සයි20 ජාත්යන්තර තරගය | පල්ලේකැලේ |
| පෙබරවාරි 05 | තෙවැනි විස්සයි20 ජාත්යන්තර තරගය | පල්ලේකැලේ |
| මාර්තු 04 | පළමු එක්දින ජාත්යන්තර තරගය | රංගිරි දඹුල්ල |
| මාර්තු 06 | දෙවැනි එක්දින ජාත්යන්තර තරගය | රංගිරි දඹුල්ල |
| මාර්තු 08 | තෙවැනි එක්දින ජාත්යන්තර තරගය | රංගිරි දඹුල්ල |















