48CC හෝ 50CCට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්යයි – මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

අද (22) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළ ප්‍රනාන්දු මහතා මෙම කාණ්ඩයට අයත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවට ඇතැම් යතුරුපැදි අලෙවිකරුවන් විසින් ප්‍රකාශ සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බව ද සඳහන් කළේය.

“පාරිභෝගිකයින් 48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිතව පමණක් මිලදී ගැනීමට වගබලා ගත යුතුයි. එමෙන්ම ලියාපදිංචි නොකළ මෙවැනි යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසු වුවහොත්, ඒ සඳහා පොලිසිය විසින් නීතිමය පියවර ගනිමින් දඩ නියම කිරීමට ඉඩ තිබෙනවා” ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website