රියාද් සහ දමාම් වෙත පියාසර කරන SriLankan ගුවන් සේවා ගැන නිවේදනයක්

සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන් ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා යළි දක්වා දීර්ඝ කිරීමට SriLankan ගුවන් සේවය තීරණය කළ බව එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සුදුසු තත්ත්වයක් පවතින බව තහවුරු කරගැනීමෙන් පසු ගුවන් සේවා යළි ආරම්භ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 දුරකථන අංකයත්, විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 අංකයත් ඇමතීමෙන් හෝ WhatsApp ඔස්සේ +94 74 444 1979 අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් තොරතුරු ලබාගත හැකිය.

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්‍රමුඛතම කාර්යය වන බවත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website