ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම අද (20) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව පසුගිය 18 වැනිදා දිවයිනට පැමිණි අතර එම ගෑස් තොගය මේ වනවිට ගොඩබෑමේ කටයුතු සිදුකරමින් පවතින බව ද සමාගම පවසයි.

ගෑස් රැගත් සිව්වන නෞකාව වන CORINTHIAN නෞකාව, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් සමඟ ඔක්තෝබර් 22 වන දින මෙරටට ළඟා වීමට නියමිත බව ද සමාගම පවසයි.

මෙම තොග ලැබීමත් සමඟ දිවයින පුරා ගෑස් සැපයුම ස්ථාවර කරමින්, හිඟයකින් තොරව වෙළෙඳපොළට සුපුරුදු පරිදි ගෑස් බෙදාහැරීම අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකි වනු ඇති බව සමාගම සිය නිවේදනයෙන් දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website