කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් ඔක්තෝබර් මස 21 වන දින පෙ.ව. 01.30 දක්වා වලංගු වන පරිදි අද (20) දින පෙ.ව. 11.30ට ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
නිවේදනය අනුව මධ්යම, සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, උතුර, ඌව සහ දකුණු පළාත් මෙන්ම කුරුණෑගල දිස්ත්රික්කයේ ජනතාව ද අද දින සවස් කාලයේ සහ රාත්රී කාලයේ ප්රබල අකුණු පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.













