පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එළැඹි තීරණයට අනුව, 2025–2029 ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම යටතේ පාර්ලිමේන්තුවට පවරා ඇති ක්රියාමාර්ග ක්රියාත්මක කිරීම සඳහා නායකත්වය සැපයීම සහ අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්ය කාරක සභා සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් නම් කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
මෙම කමිටුවට අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, නියෝජ්ය ඇමති සුනිල් වටගල, නියෝජ්ය ඇමැති, කෞශල්ය ආරියරත්න, ජේ සී අලවතුවල, අනුරාධා ජයරත්න, ශානකියන් රසමානික්කම්, ඔෂානි උමංගා, ප්රගීත් මධුරංග, චන්දිම හෙට්ටිආරච්චි, ධර්මප්රිය විජේසිංහ, දේවානන්ද සුරවීර සහ එම්. නිසාම් නම්කර ඇත.








