ඊයේ (19) අළුයම නොරොච්චෝලය පොලිස් වසමේ ගාමන්ඩ්වත්ත ප්රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදූවූ පහරදීමක් හේතුවෙන් සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර අපරාධය සිදුකළ සැකකරු විමර්ශන නිලධාරින් විසින් එදිනම අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 49 ක් වූ පාලවිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
නොරොච්චෝලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.








