අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබූ පුද්ගලයින් 285 දෙනෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ නිදහස් දිනයේදී සමාව ලබාදී නිදහස් කර ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (19) සංවිධාන කළ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව හෙළි කළේය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ චම්පික රණවක මහතා, “ජනපතිවරයා බදුල්ලේදී කිව්වා අධිකරණ නියෝගවලට පිටින් කිසිදෙයක් කරන්නේ නැහැ කියලා. මතක තියාගන්න අධිකරණය විසින් වරදකරුවන් කරපු 285ක් 2025 පෙබරවාරි 4 අනුර කුමාර නිදහස් කළා. අධිකරණය මගින් වරදකරුවන් කරනු ලැබූ 49ක් 2026 පෙබරවාරි 4 අනුර කුමාර නිදහස් කළා. ඒ අනුව මේක විහිළුවක්”










