විපක්ෂ නායකගේ මූලිකත්වයෙන් ‘කාවන්තිස්ස-ඇතුන් සුරැකීමේ සංවිධානය’ බිහිවෙයි

කාවන්තිස්ස මහ ඇතුගේ ඝාතනය සහ රටේ ඇත් පරපුරට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් වනජීවීන්ට සහ පරිසරයට ආදරය කරන පාර්ශ්වකරුවන් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ සාකච්ඡාවක් අද (19) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීය‍.

මෙහි දී කාවන්තිස්ස ඇතුගේ ඝාතනය ගැන සෙවීමටත් රටේ අලි සහ ඇත් පරපුර ඇතුළු සියලු වන සතුන් සහ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වනයට සතුන්ට ආදරය කරන සිවිල් සමාජ නියෝජිතයන් සහ සිවිල් පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් ‘කාවන්තිස්ස-ඇතුන් සුරැකීමේ සංවිධානය’ නමින් වෙනමම ප්‍රජා මූල සංවිධානයක් ද ආරම්භ කිරීමට කටයුතු කරන ලදි.

මෙහි දි අලි ඇතුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යෝජනා රැසක් ඉදිරිපත් විය. මෙම යෝජනා ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සහ රජයේ අවදානයට යොමු කිරීමට විපක්ෂ නායකවරයා පොරොන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website