අලුතින් හඳුන්වා දුන් රථවාහන වැරදි ලකුණු ක්රමය යටතේ අඩුපාඩු ලකුණු 30ක් රැස් කරන රියදුරන්ට සාමාන්යයෙන් වසරක රියදුරු බලපත්ර අත්හිටුවීමකට මුහුණ දීමට සිදුවන බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසුවේය.
රියදුරන් ලකුණු 30 සීමාවට ළඟා වන විට අඩු කළ ලකුණු සහ ඉතිරි ලකුණු පිළිබඳව කෙටි පණිවුඩ අනතුරු ඇඟවීම් ලැබෙනු ඇති බවත් ඔවුන් සීමාව ඉක්මවා ගිය පසු, ඔවුන්ගේ රියදුරු බලපත්රය අත්හිටුවා ඇති බව තවත් කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බවත් නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “මෙම දැනුම්දීම ලැබී දින හතක් ඇතුළත රියදුරන් තම බලපත්ර පොලිසියට භාර දිය යුතුයි. ඉන්පසු පොලිසිය විසින් විශේෂ පෝරමයක් සමඟ බලපත්ර මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට යොමු කරනවා. උපරිම ලකුණු සීමාවට ළඟා වන රියදුරන්ට සාමාන්යයෙන් වසරක අත්හිටුවීමකට මුහුණ දීමට සිදුවෙනවා. මෙම ක්රමය ක්රියාත්මක කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. නියමිත දින හත ඇතුළත බලපත්රයක් භාර දීමට අපොහොසත් වීමෙන් අදහස් වන්නේ අත්හිටුවීමේ කාලය බලපත්රය අවසානයේ භාර දුන් දින සිට ගණනය කරනු ලබන අතර එමඟින් අත්හිටුවීමේ බලපැවැත්වෙන කාලය දීර්ඝ කරන බවයි” සේනාධීර මහතා වැඩි දුරටත් පැහැදිලි කළේය.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමෙන් රියදුරන්ට අත්හිටුවීමේ කාලය වසරක සිට මාස තුනක් දක්වා අඩු කිරීමට හැකි බව ද නියෝජ්ය පොලිස්පතිවරයා පැවසුවේය.
මෙම පද්ධතිය රථවාහන වැරදි 47ක් ආවරණය කරන අතර, අනතුරුදායක සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම වැනි බරපතල වැරදි සඳහා ලකුණු හතක් දක්වා පවරනු ලැබේ. රියදුරෙකු එකවර වැරදි කිහිපයක් සිදු කරන විට, ඉහළම දඬුවම නියම කරන වරද සඳහා පමණක් ලකුණු අඩු කරනු ලබන බව ද රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසුවේය.















