කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවතේ ග්රීන් පාත් පරිශ්රයේදී “SRI LANKA SKILLS EXPO 2026” ප්රදර්ශණය අද (21) රාත්රී 10.00 සිට ඔක්තෝබර් 25 වන දින රාත්රී 10.00 දක්වා පැවැත්වීමට නියමිතය. මේ හේතුවෙන් පුස්තකාල වටරවුමේ සිට හෝර්ටන් වටරවුම දක්වා ( ග්රීන් පාත් කොටස විහාරමහාදේවි උද්යාන පැත්ත) කොළඹින් පිටවිමේ මංතීරුව සම්පුර්ණයෙන්ම වසා තැබේ.
ඉහත කාල සීමාව තුල මෙම මාර්ගය වසා තැබීම හේතුවෙන් ප්රධාන පාසල් (මල්පාර කාන්තා විද්යාලය, තර්ස්ටන් විද්යාලය, රාජකීය විද්යාලය) වෙත ගමන් ගන්නා රථවාහන හා සතියේ දිනයන්හි සන්ධ්යා අධිපැය කාලය තුල කොළඹින් පිටවීම සාමාන්ය ගමනාගමනයට අවහිරතා ඇති විය හැකිය.
රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම මාර්ගය ඔස්සේ ගමන් කරනු ලබන රියැදුරන්ට හා මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
විකල්ප මාර්ග –
රථවාහන පුස්තකාල වටරවුමෙන් මාර්කස් ප්රනාන්දු මාවත ඔස්සේ ග්ලාස් හවුස්, නන්දා මෝටර්ස් හරහා හෝර්ටන් වටරවුම දෙසට ගමන් කල හැකිය.
- ධර්මපාල මාවත ඔස්සේ රතුකුරුස වටරවුම දක්වා පැමිණ ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළුවීමට අපේක්ෂා කරන රථවාහන (අවස්ථානුකූලව ඇතිවන රථවාහන අවහිරතාවය අනුව) එෆ්.ආර්. සේනානායක මාවත, සි.ඩබ්.ඩබ්. කන්නංගර මාවත ඔස්සේ හෝර්ටන් වටරවුම දෙසට යොමු කෙරේ.
- මාර්කස් ප්රනාන්දු මාවත හරහා අමතර රථවාහන ප්රමාණයක් එකතු වීම නිසා ඇති වන තදබදය නිදහස් මාවත, හෝර්ටන් වටරවුම හා කන්නන්ගර මාවත හරහා සොයිසා වටරවුම දක්වා යොමු කරන බැවින් අදාල මාර්ගයන් හැකිතාක් මග හරිමින් විකල්ප මාර්ග වෙත යොමු වන ලෙසට ඉල්ලා සිටිනු ලැබේ.
ඉහත කාල සිමාව තුල අදාළ ප්රදේශ හරහා ගමන් කරන සියලුම රියදුරන් සහ මහජනතාව මේ පිළිබදව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් රථවාහන තදබදය අවම කර ගැනීම විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිස් නිලධාරින්ගේ මඟපෙන්විම අනුව කටයුතු කරන්න.
















