ගෙල කපා කාන්තාවක් ඝාතනය කළ සැකකරු සොයා පොලිස් විමර්ශන

දංකොටුව පොලිස් වසමේ ගෝනවිල ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර ඇති බවට ඊයේ (18) දින දංකොටුව පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත දංකොටුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය අවුරුදු 65 ක් වූ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරියගේ ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දංකොටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website